විදේශිකයන්ගේ මළ සිරුරු කඩිනමින් බාරදීමට යයි



(නිමල කොඩිතුවක්කු)

බෝම්බ ප‍්‍රහාරයන් හේතුවෙන් මියගිය විදේශිකයන්ගේ මෘත දේහ කඩිනමින් එම රටවලට රැගෙන යාමට අවශ්‍ය වැඩපිළිවළක් සකස් කරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

එම මෘත දේහ නිදහස් කරගැනීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතනවලින් අවසර ගත යුතු වේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම කටයුතු කඩිනම් කිරීමට අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර එම මෘත ශරීර නිදහස් කරගැනීමට අවශ්‍ය ලිපි ලේඛන එකම ස්ථානයකින් ලබා ගත හැකි වන ලෙසට වැඩපිළිවළක් ක‍්‍රියාවට නංවා ඇතැයි පැවසේ.


RECOMMEND POSTS