විදෙස් පරීක්ෂකයෝ එති



සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලමින්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට සහාය දීමට, ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ විශේෂ පරීක්ෂකයන් පමණක් නොව ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. පරීක්ෂකයන් ද මෙරටට පැමිණෙන බව ‘ටැමිල් ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය පවසයි.

මෙරට සිදුවුණු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහාය ලැබෙන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඊයේ (22) ජනපති ට්‍රම්ප් පමණක් නොව, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමැතුම් ලබා දුන් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය උදවු දීම සම්බන්ධයෙන් එහිදී එකඟත්වයක් පළ කෙරුණි. එෆ්.බී.අයි. පරීක්ෂකයන් මෙරටට පැමිණෙනු ඇත්තේ ඒ අනුවය.

ශ්‍රී ලංකාවේ සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් ද කනගාටුව පළ කර ඇත.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප්‍රහාරයෙන් පසු, සිදුවුණු ම්ලේච්ඡතම ත්‍රස්ත ප්‍රහාරය මෙය යැයි ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත.

(ටැමිල් ගාඩියන්)


RECOMMEND POSTS