වාහන වෙන්දේසියක්



රජයේ මූල්‍ය අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්, අගමැති මන්දිරයට අයත් වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කිරීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළේය.

වාහන වෙන්දේසිය පැවැත්වූයේ අගමැති මන්දිරයේදීය. මාලිගාවක් බඳු මෙම අගමැති මන්දිරය ඉම්රාන් ඛාන් භාවිතා කරන්නේ නැත. ඒ, වියදම් කප්පාදු කිරීමක් ලෙසය. අගමැති නිල නිවස ලෙස ඉම්රාන් තෝරා ගෙන ඇත්තේ හමුදා ලේකම්වරයාට අයත් කුඩා නිවසකි.

මෝටර් කාර් 100 ක් පමණ මෙසේ, වෙන්දේසි කෙරුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන 16 ක් උපයා ගැනීමේ අරමුණින් යැයි පැවැසිණි. කෙසේ නමුත් වෙන්දේසියට තැබුණු සුපිරි වාහන අලෙවි කිරීමට හැකියාවක් නොලැබුණි. විකූණූ වාහනවලින් එක් කර ගැනීමට හැකිවුණැයි පැවැසුණේ ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6 ක් පමණි යැයි ද පැවැසෙයි.

වෙඩි නොවදින මෝටර් කාර් පමණක් නොව, පාකිස්තාන අගමැතිගේ පරිහරණයට වෙන් කළ හෙලිකොප්ටර් යානා 4 ක් ද අගමැති මන්දිරයේ දී වෙන්දේසි කෙරුණු බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS