වාහන ගාල් කිරීමේ ප්‍රධාන සැළැස්ම ලබන අප්‍රේල් මාසයේදී එළිදකී?



 

ජනගහණය සහ රටේ වාහන සංඛ්‍යාව ඉහළ යාමෙන් වාහන ගාල් කිරීමේ ගැටළුව වඩාත් නරක අතට හැරීමත් සමග “2017 වාහන ගාල් කිරීමේ ප්‍රධාන සැළසුමට” මෙම වසෙර් අප්‍රේල් මාසයේදී අවසන් හැඩයක් ලබාදීමට ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 10-11 දෙදින තුළ පැවැත්වෙන දෙවැනි වාර්ෂික “ස්මාර්ට් පාර්කින් කටාර්” සම්මන්ත්‍රණයේදී වාහන නැවැත්වීමේ ප්‍රධාන සැළසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය. ප්‍රොජෙක්ට් කටාර් ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇති ස්මාර්ට් පාර්කින් කටාර් සම්මන්ත්‍රණය හරහා “තිරසාර සහ ජීවත් වීමට යෝග්‍ය නගර සඳහා වාහන ගාල් කිරීමේ කළමනාකරණ උපාය මාර්ග සහ නව්‍යකරණයන් සංවර්ධනය කෙරෙනු ඇත.

ප්‍රොජෙක්ට් කටාර් වැඩසටහන සංවිධානය කෙරෙන්නේ අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බින් කාලීෆා අල් තානි මහතාගේ අනුග්‍රහය ඇතිවය.

“දෙවැනි වාර්ෂික ස්මාර්ට් පාර්කින් කටාර් සම්මන්ත්‍රණයේදී ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2017 වාහන ගාල් කිරීමේ ප්‍රධාන සැළැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කොට 2022 ෆිෆා පාපන්දු ලෝක කුසලානය සඳහා ඇති අවස්ථාවන් හඳුනා ගැනීමට නියමිතයි” යනුවෙන් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ.

මෙම ප්‍රධාන සැළසුම් හරහා වාහන ගාල් කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට මෙන්ම නව රථ ගාල් සඳහා වන සැළසුම් සකස් කිරීම සහ අති නවීන ස්වංයක්‍රීය බහුමහල් රථ ගාල් ක්‍රමයක් ක්‍රියාවට නැංවීමටද නියමිතය. තාක්ෂණික ගණන් බැලීමට අනුව වාණිජ සහ කාර්යාල සංවර්ධනය කිරීමේදී සෑම වර්ග මීටර් 65 ක භූමි ප්‍රදේශයක් සඳහා එක් රථ ගාලක්ද, නේවාසික ප්‍රදේශවල සැම වර්ග මීටර් 120 ක භූමි ප්‍රදේශයකට හෝ එක් අපාර්ට්මන්ට සංකීර්ණයක් සඳහා එක් රථ ගාලක් අවශ්‍ය වෙයි.

විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල වාහන ගාල් කිරීමේ ගැටළුවට ලබාදිය හැකි හොඳම විසඳුම ස්වයංක්‍රිය යාන්ත්‍රණයක් සහිත වාහන ගාල් කිරීමේ ක්‍රමයක් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග විශ්වාස කරයි. මෙවැනි ක්‍රම ජනාකීර්ණ ප්‍රදේශවලට හොඳින්ම ගැළපෙන අතර ඒ හරහා වාහන ගාල් කිරීමේ ගැටළුවට ක්ෂණික සහ විශ්වාසය තැබිය හැකි විසඳුමක් ලබාදිය හැකි බවද පැවැසේ.


RECOMMEND POSTS