වාද විවාද මැද නේටෝ සමුළුව අවසන්



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව පිහිටුවා වසර 70 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ නේටෝ ආරක්ෂක සමුළුවක් බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු අතර, රුසියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සහ අභියෝග මැඬලීමට නේටෝ රටවල් අතරේ එකඟතාවක් ඇති කර ගණින.

නේටෝ යනු ලොව බලගතුම යුද සංවිධානයයි. ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් 29 ක් නේටෝ සංවිධානයේ සාමාජිකයන්ය. 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, නේටෝ රටවල නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වා, රුසියාව සහ චීනය ගැන පොදු එකඟතාවක් ඇති කර ගත්තේ අභ්‍යන්තර මත ගැටුම් අවසන් කරමිණි.

නේටෝ සංවිධානයේ සාමාජක රටවල නායකයන් අතරේ මත ගැටුම් පැවැතියේ නේටෝ සංවිධානයේ අනාගතය සම්බන්ධයෙනි. නේටෝ යනු යල් පැන ගිය එකමුතුවක් යැයි බොහෝ සාමාජිකයන්ගේ අදහස විය. ඒ සියලු මත ගැටුම් සමතයකට පත් කර ගැනීමට සාමාජිකයෝ එකඟ වූහ.

ලන්ඩන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS