වසර 14කට පසු සෞදි විදෙස් ඇමති - ඉරාක අගමැති හමුවක්



සෞදියේ විදේශ කටයුතු ඇමති ආදෙල් අල් ජුබීර් මහතා ඊයේ (25) ඉරාකයේ නිල සංචාරයක් බැග්ඩෑඩ් නුවර බලා පිටත්ව ගියේය.

මෙය සෞදි විදේශ අමාත්යරවරයාගේ හදිසි සංචාරයක් වන අතර බැග්ඩෑඩයට පැමිණි දිනයේදීම සෞදි විදේශ ඇමතිවරයා ඉරාක අගමැති හෙයිඩර් අල් අබාදි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී දයේෂ් ත්‍රස්තයින් මැඩලීම වෙනුවෙන් ගෙන සටන් මෙහෙයුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ. මීට අමතරව දෙරට අතර  ආර්ථික, දේශපාලන සබඳතා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
අවසන් වරට සෞදි ඇමතිවරයෙක් ඉරාක අගමැතිවරයෙකු හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබුවේ 2003 වසරේදීය. 

මීට අමතරව සෞදි විදේශ ඇමතිවරයා ඉරාකයේ විදේශ අමාත්යර ඉබ්ර්හම් අල් ජෆාරි හමුවී ද්වීපාර්ශිවික සාකච්ඡා පවත්වනු ලැබීය. 

තිළිණි ද සිල්වා 
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි

 


RECOMMEND POSTS