ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි



ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව නිල වශයෙන් ඉවත් කර ගැනීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කළේ පසුගිය මැයි මස අවසානයේය. ඒ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිණි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය සම්බන්ධයෙන් චීනය ලබා දුන් තොරතුරු විශ්වාස කරමින්, වයිරසයේ බරපතලකම ලොවට වසං කළේ යැයි ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා නගා තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS