ලාවා බෝල සංචාරක බෝට්ටුවකට වැදිලා



හවායි දූපත් රාජ්‍යයට අයත් ප්‍රධාන දූපතේ පුපුරා යමින් ඇති කිලවේයා ගිනි කන්දෙන් විසිවුණු ලාවා දූපත අසල මුහුදේ යාත්‍රා කරන්න වූ සංචාරක බෝට්ටුවකට පතිත වීමෙන්, එහි සිටි විසි දෙදෙනක් තුවාල ලැබූහ.

තුවාල ලැබූ විසි දෙදෙනාගෙන් 16 දෙනකු දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි හවායි වෙරළාරක්ෂකයෝ කියති.

කිලවේයා නමැති මෙම ගිනි කන්දු ලාවා පිට කරමින් පුපුරා යෑම ආරම්භ කළේ පසුගිය මැයි මාසයේ සිටය. ගිනි කන්ද පිහිටි දූපත ජනතාවගෙන් හිස් කිරීමට හවායි බලධාරීන් පියවර ගෙන ඇත.

දූපත අවට මුහුදේ බෝට්ටු යාත්‍රා කිරීම තහනම් කර ඇති නමුත්, එම තහනම සැළකිල්ලට නොගෙන ගිනි කන්ද පුපුරා යනු දැක ගැනීමට සංචාරකයන් දූපත අසලට යන බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS