රොහින්ග්‍යා කඳවුරකට වල් අලි ප්‍රහාරයක්



දකුණුදිග බංග්ලාදේශයේ මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් රැඳී සිටින කඳවුරකට වල් අලි ප්‍රහාරයක් එල්ල වුණු බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් සිවු දෙනකු ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වල් අලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ බංග්ලාදේශයේ බුලුකාලී නමැති සරණාගත කඳවුරටය. මෙම කඳවුර පිහිටා ඇත්තේ බසාර් දිස්ත්‍රික්කයේ වන රක්ෂිතයකට මායිම්වය.

ප්‍රහාරයට පැමිණි අලි රංචුවේ වල් අලි අටක් හෝ දහයක් සිට ඇති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS