රුසියාවේ විරෝධතා: 3,000 ක් අත්අඩංගුවේ



රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, රුසියාවේ මොස්කව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර 70 ක විරෝධතා රැලි පැවැත්වුණු අතර, විරෝධතාකරුවෝ 3,000 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුයට පත් වූහ.

අත්අඩංගුවට ගත් පිරිස අතර, නෙවල්නිගේ බිරිඳ යුලියා නවල්යානා ද ද සිටින බව වාර්තා වේ. ප්‍රධාන විරෝධතා රැලිය මොස්කව් නුවර සංවිධානය කර තිබුණු බව පැවැසෙයි.

විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, දූෂණ විරෝධී ක්‍රියාකාරියකු වන අතර, රුසියන් ජනාධිපති පුටින් විවේචනය කරයි. පසුගිය 2020 වසරේ අගෝස්තුවේ සයිබීරියාවේ සිට මොස්කව් බලා පැමිණෙද්දී, විෂක් ශරීරගත වී නෙවල්නි සිහිසුන් තත්ත්වයකට පත් විය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ජර්මනියේ රෝහලකට ගෙන යෑම සිදුවුණු අතර එහිදී ජර්මන් වෛද්‍යවරුන් පැවැසුවේ, ගුවන් ගමන අතරතුර නොවිචොක් නමැති විෂ නෙවල්නි ට ලබා දී ඇති බවය. මාස ගණනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු නෙවල්නි සුවය ලැබුවේය.

තමන්ට වස දුන්නේ රුසියන් ජනාධිපති පුටින් යැයි නෙවල්නි චෝදනා කරන්න විය. පසුගිය 17 වැනිදා, නෙවල්නි විශේෂ ගුවන් යානයකින් බර්ලීන් සිට මොස්කව් බලා පැමිණියේය. පොලිසිය නෙවල්නි අත්අඩංගුවට ගත්තේ ගුවන්තොටුපොළේදීය.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS