රාහුල් මෝදි බදාගෙන



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංග යෝජනාව මේ වනවිට විවාදයට ගැනෙමින් පනතී.

එම යෝජනාව ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට එසේත් නැතිනම් ලෝක් සභාවට යොමු කර තිබුණේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුණ ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක සභාව ආසන 545ක් වන අතර එයින් ආසන 314ක බලය ඇත්තේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජයටය.

ලෝක් සභාව අමතමින් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඔහුට අගමැති මෝදිගෙන් පමණක් නොව, භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල වන අපහාස සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

‘මට කොතරම් අපහාස කළත්, ඔබ එක්ක මගේ තරහක් නැහැ’ යැයි අගමැති මෝදිට පවසමින් සිය කතාව අවසන් කළ රාහුල් ගාන්ධි, මෝදි අසුන් ගෙන සිටි තැනට ගොස් පහත් වී ඔහු බදා ගත්තේය. එය කාගේත් අවදානයට හේතුවක් විය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS