යුද අපරාධ කළ සෙබළුන්ට ට්‍රම්ප්ගෙන් සමාව



යුද අපරාධ චෝදනා ලැබ, එම චෝදනාවලට වරදකරුවන් වූ ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් තිදෙනකුට සමාව දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක රූපට් කෝලවිල් ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, යුද අපරාධ චෝදනා ලැබ ඊට වරදකරුවන් වූ සොල්දාදුවන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එය වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත්ය.

ට්‍රම්ප් විසින් සමාව දෙනු ලැබුවේ, මේජර් මැතිව් එල්. ගෝල්ස්ටින්, හමුදා ලුතිනන් ක්ලින්ට් ලොරෙන්ස් සහ හමුදා සොල්දාදුවකු වන එඞ්වඞ් ගැලෙගර් යන තිදෙනාය. මේජර් මැතිව් එල්. ගෝල්ස්ටින් ඔහුට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූයේ 2013 දීය.

ගෝල්ස්ටින්, තලේබාන් බෝම්බකරුවකු යැයි සැකපිට අල්ලා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කළ ඇෆ්ගන් වැසියෙකු වෙඩි තබා ඝාතනය කළේය. තමන් එම ඇෆ්ගන් වැසියන් ඝාතනය කිරීමෙන් පසු ගෝල්ස්ටින් එම සිරුර පුච්චා විනාශ කළ බව ද නඩු විභාගයේදී ගෝල්ස්ටින් පාචොච්චාරණයක් ද කළේය.

ලුතිනන් ක්ලින්ට් ලොරෙන්ස්, ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීන් යැයි සිතා, යතුරු පැදිවලින් ගමන් කරමින් සිටි ඇෆ්ගන් සිවිල් වැසියන් පිරිසකට වෙඩි තබන්න සිට හමුදා බළඇණියට අණ දී ඇත. ගැලෙගර් තුවාල ලබා හමුදාවේ ප්‍රතිකාර ලබමින් සිටි අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදියකු මරා දැමූ බවට චෝදනා ලැබ ඊට වරදකරු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS