යුක්රේන ජනපති ලෙස විකට නළුවා දිවුරුම් දෙයි



යුක්රේන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ රූපවාහිනී විකට නළු ව්ලොදිමීර් සෙලෙන්ස්කී අද (20) දිවුරුම් දෙයි.

දිවුරුම්දීමේ විශේෂ උළෙල කීව් අගනුව රපැවැත්වීමට නියමිතව ඇත්තේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය. ඒ, රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ගෙන් යුක්රේන රජයට තර්ජනයක් එල්ල වන නිසාය.

දූෂණ වංචා පිටුදැකීමටත්, රුසියානු හිතවාදී යුක්රේන බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා පවත්වා පවතින අර්බුදය අවසන් කිරීමට කටයුතු කරන බවටත් ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රතිඥා දී ඇත.

කීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS