යළි අවසර හිමිවෙයි



සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදී ජිම් අකොස්තාට යළි ධවල මන්දිරයට පැමිණීමට සහ ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගී වීමට අවසර හිමිවී ඇත.

මේ බව නිවේදනය කළේ ධවල මන්දිරයයි. කෙසේ නමුත්  එම අවසරය ඔහුට ලබා දෙන්නේ කොන්දේසි කිහිපයක් ද සමඟ යැයි ධවල මන්දිරය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ධවල මන්දිරය මෙන්ම ඇමෙරිකා ජනාධිපති ආරක්ෂක අංශය ද එක් වී ජිම් අකොස්තාට එම තහනම පැනැවූයේ ඔහු ට්‍රම්ප්ගේ උදහසට ලක්වුණු නිසාය.

මීට දින කීපයකට පෙර අකොස්තා, ට්‍රම්ප්ගෙන් දිගින් දිගට ප්‍රශ්න ඇසීම නිසා ට්‍රම්ප් සහ අකොස්තා අතරේ ගැටුමක් නිර්මාණය විය. අකොස්තාට තහංචි පැනැවීමක් සිදුවූයේ ඒ අනුවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS