මෝදිගෙන් සුබ පැතුම්



මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින්  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ.

දෙරට අතර දිගු කලක් ඔස්සේ පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව මිතුරන් මෙන්ම ඥාතීන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබේ.

ඉන් අනතුරුව  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යළි සුබ පැතුම් පිරිනමා තිබිණ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා මෙන්ම සහයෝගීතාව, නව මානයන් කරා ගෙන යාමට අපේක්ෂා කරන බවයි.

( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS