මෝදිගෙන් පාකිස්තානයට අනතුරු



ඉන්දු කාශ්මීරයේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරෙයන් ඉන්දීය හමුදා සොල්දාදුවන් හතලිස් දෙදෙනකු මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තානයට අනතුරු අඟවා ඇත.

ඉන්දීය අගමැතිවරයා පාකිස්තානයට පවසා ඇත්තේ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කරමින්, දැඩිව ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගන්නා බවය.

ඉන්දීය හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ජයිෂ් ඊ මුහම්මද් ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලියයි. මොවුන්ට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS