මෝදි ඇවිල්ලා



මාලදිවයිනේ සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කෙටි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් කටයුතු කළහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගෙන් විශේෂ ගුවන් යානය ගුවන්තොටුපොළට පැමිණියේ උදෑසන 11 ට පමණය.

එහිදී ඔහු පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැතිවරුන් පිරිසක් විසිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදීය. අගමැති මෝදි හමුදා උත්තමාචාර මැද ජනපති කාර්යාලයට පැමිණෙද්දී වර්ෂාවක් ද ඇද හැලුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

පාස්කු දා ප්‍රහාරයෙන් පසු, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි පළමු විදෙස් නායකයා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා මෙරටට පැමිණියේ, ඔහුගේ දිවුරුම් දීමේ උළෙලට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඇරැයුමකට අනුවය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාස්කු දා ප්‍රහාරයට ලක් වුණු කොච්චිකඬේ දෙව්මැදුරට ද ගියේය.

ඡායාරූප - ලහිරු හර්ෂණ


RECOMMEND POSTS