මොහොමඞ් අලීගේ පුතා ගුවන්තොටේ රඳවාගෙන



ජැමෙයිකාවේ සිට යළි ඇමෙරිකාව බලා පැමිණෙද්දී, ෆ්ලොරීඩා නුවර ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඇමෙරිකන් බොක්සික් ශූර මොහොමඞ් අලීගේ පුතු 44 හැවිරිදි මොහොමඞ් අලී ජූනියර් රඳවා ප්‍රශ්න කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකන් ආගමන විගමන නිලධාරීන් මොහොමඞ් අලී ජූනියර්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු මුස්ලිම් ජාතිකකුදැයි විමසමිනි. මොහොමඞ් අලී ජූනියර් ඇමෙරිකානුවකු වන අතර ඔහු උපත ලැබුවේ පිලිඩෙල්පියාහිදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS