මෙහෙකාරියට කන්න නොදුන් යුවළ හිරේ



වසරකට වැඩි කාලයක් තිස්සේ  සිය මෙහෙකාරිය හාමතේ තැබූ සිංගප්පූරු ජාතික අඹු සැමි යුවලකට එරෙහිව එරට අධිකරණය විසින් මාස තුනකුත් සති තුනක කාලයක සිර දඬුවම් නියම කෙරුණි.

ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ වසරක කාලය තුළ පිලිපීන ජාතික තෙල්මා ගාවිදාන්ගේ බර කිලෝග්‍රෑම් විස්සකින් පහළ බැස තිබුණි.ඒ කාලය ඇතුලත සිය ශරීරයේ බර 40% කින් පහළ වැටුණු ඇයට සේවය කළ නිවසේ දී ඉතාමත් සුළු ආහාරයක් ලබා දී ඇත්තේ දිනකට දෙවතාවක් පමණි. 

එම අඹුසැමි යුවල විසින් තෙල්මා ගාවිදාන් සතුව තිබු ජංගම දුරකථනය සහ ගුවන් ගමන් බලපත්‍රය තමන් සන්තකයට ගනු ලැබ ඇති අතර ඇය සේවය කළ ගෙදරින් පැන ගොස් උදව් ලබා ගැනීමට වෙනත් කාන්තාවකගේ රැකවරණය ලැබීමට තෙල්මාට සිදු විය. 
නඩු තීන්දුව සිංගප්පූරුවේ කැලඹීමක් ඇති කිරීමට සමත් වී ඇති අතර, ගෘහ සේවිකාවන්ට කෘර ලෙස සලකන පුද්ගලයන්ට මීට වඩා දැඩි දඬුවම් දීමට පියවර ගන්නා ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටිති.

 

(තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි......


RECOMMEND POSTS