මෙක්සිකෝ මාධ්‍යවේදියා මරා දැමේ



මෙක්සිකෝවේ උතුරුදිග සොනෝරා පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි විසින් සිදු කරනු ලබන අපරාධ අනාවරණය කළ මෙක්සිකෝ මාධ්‍යවේදී සැන්ටියාගෝ බරෝසෝ ඝාතනයට ලක් විය.

47 හැවිරිදි මාධ්‍යවේදී සැන්ටියාගෝ බරෝසෝගේ නිවස පිහිටා ඇත්තේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාව අසල බවත්, සන්නද්ධ  කණ්ඩායමක් නිවසට පැමිණ මාධ්‍යවේදියාට වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.

පුවත්පත් වාර්තාකරුවකු පමණක් නොව සැන්ටියාගෝ බරෝසෝ ගුවන් විදුලි නිවේදකයකු, වෙබ් මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කළ අයකු බව පැවැසෙයි.

මෙක්සිකෝසිටීහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS