මියුලර් වාර්තාව සම්පුර්ණයෙන් ඕනෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව සමඟ කුමන්ත්‍රණය කළේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නීතීවේදී රොබට් මියුලර් සකස් කළ විමර්ශන වාර්තාව ‘සම්පූර්ණයෙන්‘ කියවන්න තමන්ට ඉඩ දෙන්නැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

ඇමෙරිකා නීතිපති විලියම් බාර් විසින් ‘මියුලර් වාර්තාව’ කොංග්‍රසයට පමණක් නොව, මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත.

වාර්තාව පිටු හාරසිය ගණනකින් යුක්තය. කෙසේ නමුත් එසේ ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සම්පූර්ණ වාර්තාව නොව, සම්පූර්ණ වාර්තාවෙන් තෝරා ගත් කොටස් පමණක් යැයි ඩිමොක්‍රටික්වරු චෝදනා නගති.

(රෙයිටර්ස්)

 


RECOMMEND POSTS