මියගිය ගණන 1,868 දක්වා ඉහළ යයි



අද (18) වනවිට ‘කෝවිඞ්19’ වයිරසය ආසාදනය වී මියගිය ගණන 1,868 දක්වා ඉහළ ගොස් තිබුණු අතර, වයිරස ආසාදිතයන් ගණන 72,436 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ගතවුණු පැය 24 ඇතුළත චීනයේ හුබෙයි පළාතෙන් මරණ 93 ක් වාර්තා වී තිබුණි.

‘කෝවිඞ්19’ වයිරසය පැතිර යෑම ආරම්භ වූයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. චීන රාජ්‍ය රූපවාහිනිය අද (18) නිවේදනය කළේ වූහාන් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලී ෂිමින් ද වයිරසය ආසාදනය වී මියගිය බවය.

මේ අතර ෂැංග්හායි වෛද්‍යවරුන්ගේ රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇත. ‘ඒ ක්‍රමවේදය සාර්ථකයි. චීන වෛද්‍යවරුන් සමඟ අප ඒ ගැන දිගටම තොරතුරු සහ දත්ත හුවමාරු කර ගනිමින් සිටිනවා.

රුධිර ප්ලාස්මා ප්‍රතිකාරයෙන් සිදුවන්නේ රෝගී වූවකුගේ සිරුර තුළින්ම වයිරසයට ප්‍රතිදේහ නිපදවීමයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් ඊට අනුයුක්ත වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.


RECOMMEND POSTS