මැලේසියා සෞදි තානාපති කාර්යාලයෙන් අනතුරු



මැලේසියාවේ ජීවත්වන සහ සංචාරයන් සදහා මැලේසියාවට පැමිණීමට බලාපොරොත්තු වන සෞදි ජාතිකයින්ට මැලේසියනු තානාපති කාර්යාලය මගින් අනතුරු ඇගවීමක් සිදුකර ඇති බව අල්-ජසාරා පුවත්පත වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

එම අනතුරු ඇඟවීම මගින් මැලේසියානු සෞදි තානාපති කාර්යාලය අවධාරණයෙන් ඉල්ලා සිටියේ මැලේසියාවේ රැදී සිටින කාලය තුලදී කුලී රථ, ජෙට් ස්කී, පැරෂුට් සහ වීදි වෙළඳුන් සමග ගණුදෙනු කිරීමේදි වඩාත් පරිස්සම් වන ලෙසටය. 

මෙසේ අවධාරණයෙන් ඉල්ලා සිටීමට හේතු කාරණාවු දේ පිළිබදව වෙබ් අඩවිය සදහනක් කර නොතිබුණි. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS