මැලේසියා මානව හිමිකාරිය දඩ කයි



ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී රජයේ ආරක්ෂක  අංශ විසින් මානව හිමිකම් කඩකරන ලදැයි චෝදනා කරමින්  චැනල් ෆෝ නාලිකාවේ කැලම් මැක්රේ විසින් සකස් කරන ලද ‘නෝ ෆයර් සෝන්‘ වාර්තා වැඩසටහන මලයාසියාවේ ප්‍රදර්ශනය කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට එරෙහිව  එරට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇමෙරිකානු ඩොලර් 2200 ක දඩ මුදලක්  නියම කර ඇතැයි මැලේසියවේ තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස දඩ මුදල් නියම වූයේ ලීනා හෙන්ඩ්‍රි නැමැති මැලේසියානු කාන්තාවකට එරෙහිවය.

අදාළ වාර්තා වැඩසටහන මලයාසියාවේ ප්‍රදර්ශනය එරට චිත්‍රපට සංස්ථාව විසින් තහනම් කර තිබු අතර එම තහනම නොතකමින් නෝ ෆයර් සෝන් වාර්තා වැඩසටහන 2013 වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලිනා හෙන්ඩ්‍රි  නවිසින් ක්වාලාලම්පූර්හිදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් ඇයට එරෙහිව ක්වාලාලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ චෝදනාවට ඇය වරදකරු බවට නිගමනය කළ අධිකරණය ඇමෙරිකානු ඩොලර් 2260ක දඩයක් නියම කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය පිළිබඳ 2013 වසරේ දී චැනල් ෆෝ නාලිකාවේ කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලද නෝ ෆයර් සෝන් වාර්තා වැඩසටහන ප්‍රදර්ශනය රටවල් කිහිපයක තහනම් කර කෙරුණි.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS