මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නවා



චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන යන ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නා බවත්, ලැබූ පසුබෑම අභියෝගයක් කර ගනිමින් 2019 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුහුණ දෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියයි.

චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල ඊයේ (11) නිකුත් කෙරුණි. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන ප්‍රාන්ත ජයග්‍රහණය කළේය.

රාජස්ථානය සහ චතිස්ගාර් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ බළකොටු ලෙස සැලකෙණි. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බලය කොංග්‍රසයට හිමිවූයේ තියුණු සටනකින් පසුවය.

තෙලංගානා සහ මිසෝරාම් ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිඵල ද කෙරුණු අතර ප්‍රාදේශීය දේශපාලන පක්ෂ එම ප්‍රාන්ත දෙකෙහි බලය තහවුරු කර ගත්හ.

ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තම පාක්ෂිකයන්ට ස්තුති කරමින් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි කියා සිටියේ මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුහුණ දීමට නව පන්නරයක් ලැබී ඇති බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS