මැන්චෙස්ටර් ප්‍රහාරය ගැන සොව පළ කෙරේ




මැන්චෙස්ටර් නුවර ‘මැන්චෙස්ටර් ඇරීනා’ රඟහලට එල්ල වූ අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් සහ එම ප්‍රහාරයෙන් මියගිය වැසියන්ට සොව පළ කරමින්, සෙසු රටවල ප්‍රධාන ස්මාරක සහ ගොඩනැගිලි බි්‍රතාන්‍ය ධජයෙන් වර්ණ ගැන්විණි.

එසේ වර්ණවත් වුණු ගොඩනැගිලි අතර ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි බර්ජ් කලීෆා ද වෙයි. ලොව උසම ගොඩනැගිල්ල පමණක් නොව, කොරේෂියාවේ සුප්‍රකට පොකුණ සහ රෝමයේ කොලෝසියම ද බි්‍රතාන්‍ය ධජයෙන් (යූනියන් ජැක්) වර්ණ ගැන්විණි.

මේ අතර මැන්චෙස්ටර් ප්‍රහාරය හෙළා දකිමින්, මියගිය පිරිස් වෙනුවෙන් සොව පළ කරමින්, පැරිස් නුවර අයිෆල් කුලුනේ විදුලි පහන් සියල්ල නිවා දැමුණි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS