මාධ්‍ය කණ්ඩායම් උතුරු කොරියාවට
උතුරු කොරියා නායක කිම් ජොන් උන් පොරොන්දු වුණු පරිදි, එරට න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන පර්යේෂණාගාර සහ බලාගාර වසා දැමීම වාර්තා කිරිමට, ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායම් කිහිපයක්, උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර බලා පැමිණ සිටී.
මාධ්‍ය කණ්ඩායම උතුරු කොරියාවට පැමිණියේ චීනයයේ බීජිං අගනුවරට ගොස් චීන මාධ්‍ය කණ්ඩායම ද සමඟ ‘එයාර් කොර්යෝ’ කොරියානු ගුවන් සේවයට අයත් යානයකිනි. යානය බීජීං අද (22) උදේ 9 ට උතුරු කොරියාව බලා ගමන් ආරම්භ කළේය.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාර සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් පවත්වන ස්ථාන වසා දැමීම සිදු කිරීම සූදානම් වන්නේ මැයි 23 සිට 25 තෙක් කාලයේය.
(රොයිටර්)