මහරැජිනගේ රුව සහිත යෝධ රන් කාසිය හොරකම් කරලා



ජර්මනියේ  බර්ලින් නුවර පිහිටා තිබු “බොඩි“ නැමති කෞතුකාගාරයක තැන්පත් කර තිබු බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කර තිබේ.

අදාළ රන්කාසිය ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුතු වන අතර එය කැරට් විසි හතරේ රත්‍රංවලින් නිමවා ඇති බව සඳහන් වෙයි. එම කාසියේ බර කිලෝග්‍රෑම් 100ක් වන අතර ඝණත්වය සෙන්ටිමීටර් තුනක් සහ විශ්කම්භය සෙන්ටිමීටර් 53ක් වන බව වාර්තා වෙයි.මෙය කැනේඩියානු නිර්මාණයකි.

අදාළ රන් කාසියේ ආරක්ෂාව සඳහා අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සවිකර තිබුණ ද ඉන් මිදී එම රන් කාසිය සොරාගත් ආකාරය සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය වී  නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉකුත් 27 වැනිදා පාන්දර 3.00ට පමණ සිදුවී ඇති අදාළ සොරකම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වෙයි. 

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි...

   


RECOMMEND POSTS