මහ වැසි: 94 ක් මරුට



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන මහ වැසි නිසා හටගත් නායයෑම් සහ ජල ගැනීම් හේතුවෙන් මියගිය ගණන මේවනවිට 94 තෙක් ඉහළ ගොස් ඇති බවත්, දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ.

කේරළයට මහ වැසි ඇද හැලෙන්නේ පසුගිය අට වැනිදා සිටය. ගතවුණු පැය 24 ඇතුළත මියගිය ගණන 14 ක් යැයි ද වාර්තා වේ. කේරළයට මේ අයුරින් මහ වැසි ඇද හැලෙන්නේ වසර 100 කට පසුව යැයි ද පැවැසෙයි. කේරලයේ ප්‍රාන්ත 14 ක් ඇති අතර එයින් 13 ක් මුළුමනින් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

විපතට පත්වූවන් බේරා ගැනීම කඩිනමින් සිදුවන නමුත්, අයහපත් කාලගුණය ඊට හරහ් වී ඇත. ජල ගැලීම් හේතුවෙන් කොටුවුණු වැසියන් මුදා ගැනීමට හෙලිකොප්ටර් යානා යොදා ගැණින.

විපතට පත්වූවන්ට සහනාධාර බෙදා දීම සහ බේරා ගැනීම කඩිනමින් කරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කේරළ ප්‍රාන්ත මහ ඇමැති පිනරායි විජයාන්ට උපදෙස් ලබා දී ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS