මයිකල් හිගින්ස් දිවුරුම් දෙයි



අයර්ලන්තයේ නව ජනාධිපති ලෙස තවත් වසර 7 ක කාලයක් සඳහා මයිකල් හිගින්ස් දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමේ උත්සවය පැවැත්වූයේ ඩුබ්ලින් මාලිගයේය. අයර්ලන්තයේ හිටපු ජනාධිපතිවරුන් වන මේරි රොබින්සන් සහ මේරි මැකැලීස් ද මෙම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 56 ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට මයිකල් හිගින්ස් සමත් විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS