භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැළැඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපත කැළැඹී ගියේය. භූමි කම්පාව හටගත්තේ ඉන්දුනීසියාවේ වේලාවෙන් උදේ 10.08 ට පමණි.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 67 ක් ගැඹුරින් පිහිටින බව භූ විද්‍යාඥයෝ පැවැසූහ.

භූමි කම්පාව හටගත් ගැඹුර අනුව සුනාමි අවදානමක් නැතැයි ඔවුහු සහතික වූහ. භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපල හානි හෝ සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS