බෝම්බ පිපිරී 29 ක් මියයති



දකුණුදිග ඇෆ්ගනිස්තානයේ බැංකුවක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 60 කට වැඩිය.

බෝම්බය පුපුරා ගියේ නිව් කාබුල් බෑංක් නමැති ඇෆ්ගන් රජයේ බැංකුවක් ඉදිරියේය. සිවිල් වැසියන් පමණක් නොව, ආරක්ෂක අංශ සාමාජිකයෝ ද මියගිය පිරිස අතර වෙති.

බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැති වුවත්, එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි සැක කෙරේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS