බෝම්බ ප්‍රහාරයෙන් 48 ක් මරුට



ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර අධ්‍යාපන මධ්‍යස්ථානයට ඊයේ (15) සවස එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 48 තෙක් ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූ ගණන 67 ක් බවත් වාර්තා වේ.

පාසලට එල්ල වූයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. එම අවස්ථාවේ එය සිසුන්ගෙන් පිරී තිබුණි. මියගියේත් තුවාල ලැබුවේත් සිසුන් සහ ගුරුවරුන් යැයි පැවැසෙයි.

විශ්ව විදයාල ප්‍රවේශය වෙනුවෙන් අමතර පංති රැසක් මෙම අධ්‍යාපන මධ්‍යස්ථානයේ පැවැත්වෙමින් තිබුණු බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS