බෝට්ටුවක් පෙරැළී 14 ක් මියයති



සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ග්‍රීසියට ආසන්න මුහුදේදී ගිලී යෑමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එම 14 දෙනාගෙන් සිවු දෙනකු කුඩා දරුවන් යැයි පැවැසෙයි. බෝට්ටුවේ සිට ඇත්තේ අප්‍රිකානු රටවල වැසියන් යැයි ග්‍රීක වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. බෝට්ටුව ගිලී ගිය බව දැනගත් සැණින් එහි සිටි පිරිසට පිහිටවීමට ග්‍රීක වෙරළාරක්ෂක නිලධාරීන් පැමිණි බවත් ඔවුන් තිදෙනකු බේරා ගත් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS