බොලිවියාවේ ජනාධිපතිවරණයක්



ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි.

දේශපාලන කුමන්ත්‍රණයකින් දීර්ග කාලයක් ජනපති ධුරය හෙබවූ ඊවෝ මොරාලේස් ජනපති ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු, බොලිවියාව අන්තර්වාර රජයක් සහ ජනාධිපතිවරියකගේ පාලනයට නතුව පැවැතිණි. බලය අහිමිවීමෙන් පසු මොරාලේස් රටින් පිටවී ගියේය.

බොලිවියාවේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරක ජෙනී ඇනේස් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බොලිවියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව බවය.

වසර 20 කට පසු බොලිවියාවේ, ඊවෝ මොරාලේස් නොමැතිව පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

සැන්ටා කෲස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS