බෙදුම්වාදී නායකයෝ හිරේ



අධිකරණයට ඉදිරිපත් කෙරුණු කැටලිනා නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් දෙදෙනකුට ඇප ප්‍රතික්ෂේප කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් තීරණය කළේය.

විනිසුරුවරයා විසින් ඇප ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු  බන්ධනාගාරගත කරන ලද්දේ, කැටලාන් ජාතික සංගමයේ නායක ජෝර්ඩි සැන්චේස් සහ ‘ඔම්නියම් කල්චරල්’ පක්ෂ නායක ජෝර්ඩි කුයිසාර්ට්ටය.

කැටලෝනියාව යනු ස්ප්ඤ්ඤයේ විශාල ප්‍රාන්තයකි. කැටලෝනියා වැසියන් පසුගිය දා ජනමත විමසුමක් පැවැත්වූයේ ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් වීමේ අරමුණින්ය. ඒ ස්පාඤ්ඤ මධ්‍යම රජයේ දැඩි විරෝධය මධ්‍යයේය.

ජෝර්ඩි සැන්චේස් සහ ජෝර්ඩි කුයිසාර්ට් යන පක්ෂ නායකයන් දෙදෙනාට රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ද පැවැත්වෙයි.

(බී.බී.සී)


RECOMMEND POSTS