බි‍්‍රතාන්‍ය අගමැතිනියට එරෙහිව කැරැල්ලක්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලියට මැදිහත් වීමේ අරමුණින්, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වුණු අතර, එයින් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ ඇගේ රජයට අත්වූයේ පරාජයකි.

අගමැතිනී තෙරේසා මේගේ රජය පරාජයට පත් වූයේ ඡන්ද 329 ක් සහ 302 ක් ආදී වශයෙනි. තෙරේසා මේගේ කොන්සවර්ටිව් පක්ෂයේ ඇමැතිවරුන් තිදෙනකු ඇතුළු නියෝජිතයන් 30 දෙනෙකු ද අගමැතිනියට විරෝධය දක්වමින් ඡන්දය ප‍්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කළේ එය අගමැතිනී තෙරේසා මේට එරෙහිව පාර්ලිමේන්තුවේ හටගත් කැරැල්ලක් යනුවෙනි.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS