බි‍්‍රතාන්‍ය අගමැති ධුරය බොරිස් ජොන්සන්ට



බි‍්‍රතාන්‍ය අගමැති ධුරය පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් වුණු 55 හැවිරිදි බොරිස් ජොන්සන්ට හිමිවිය.

බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පසුගිය සති කීපය පුරාවට පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් කීපයක් පැවැත්විණි.

අද (23) එහි අවසන් වටය පැවැත්වුණේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා වූ බොරිස් ජොන්සන් සහ 52 හැවිරිදි ජෙරමි හන්ට් අතරේය. ඡුන්ද විමසුමේදී කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද 92,153 ක් හිමි කර ගැනීමට ජොන්සන් සමත් විය. ජෙරමි හන්ට්ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 46,656 ක් පමණි. ජෙරමි හන්ට් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා (විදේශ ලේකම්) ලෙස කටයුතු කරයි.

බි‍්‍රතාන්‍ය පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මුල්කොට ගනිමිනි.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යෑමට අගමැති ධුරයේ කටයුතු කළ තෙරේසා මේ අපොහොසත් වූ අතර, පක්ෂය අභ්‍යන්තරයෙන් එල්ල වුණු බලපෑම් හේතුවෙන් ඇය පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
ඒ සමඟ පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමේ සංකීර්ණ කි‍්‍රයාවලිය ආරම්භ විය. එය අවසන් වූයේ බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වයටත් අගමැති ධුරයටත් පත් වීමෙනි.

බොරිස් ජොන්සන් කොන්සවර්ටිව් පක්ෂයේ කැපී පෙනෙන චරිතයකි. ඔහු ලන්ඩන් නගරාධිපති ධුරය ද හොබවා ඇත. ඒ, 2006 සිට 2018 තෙක් කාලයේය.

ජොන්සන් දෙවරක් විවාහ වී දික්කසාද වූ තැනැත්තකු වන අතර ඔහුට දරු දැරියන් සිවු දෙනෙකි. ලබන ඔක්තෝබර් 30 වැනිදාට පෙර බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක ජෙරමි කොර්බින්ගෙන් එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන බවත් බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.

බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැුජින මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද ජොන්සන්ට සුබ පතා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට ජොන්සන් සමත් වනු ඇති බවය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS