බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට සැරැසෙයි



හදිසි මහමැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ බවත්, මැතිවරණය ලබන ජූනි 8 වැනිදා පැවැත්වෙනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නිවේදනය කර තිබේ.

අගමැතිනිය මේ බව නිවේදනය කළේ ලන්ඩනයේ ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවස ඉදිරියේ සිට මාධ්‍ය හමුවක් පවත්වමිනි.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍යය කටයුතු කරමින් සිටින අවස්ථාවක දේශපාලනික වශයෙන් බෙදීමක් හටගෙන ඇති බවත් එම බෙදීම හේතුවෙන්, රටේ ඒකීයභාවය වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ බවත් අගමැතිනිය පැහැදිලි කළාය.

කම්කරු පක්ෂ නායක මෙන්ම විපක්ෂ නායකවරයා ද වන ජෙරමි කෝබන් සහ විපක්ෂය දිගින් දිගටම කළ ඉල්ලීම හේතුවෙන් මහ මැතිවරණය කඩිනමින් පැවැත්වෙනු ඇතැයි ද අගමැතිනී මේ වැඩි දුරටත් කියා සිටියාය.

තෙරේසා මේ පසුගිය වසරේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වූයේ පාලක කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් අතර පැවැති ඡන්ද විමසුමකින් පසුවය. ඇයට අගමැති ධුරය හිමිවීමට හේතු වූයේ එම ධුරයේ සිටි ඬේවිඞ් කැමරන් ඉල්ලා අස්වීමය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS