බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් මරුට



නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණණ 58 ක් යැයි පැවැසෙයි.

දුම්රිය ගැටුම සිදුවූයේ කැස්බා නමැති නගරයේ මොංඩොල්බැග් දුම්රිය ස්ථානය ආසන්නයේය. සංඥා දෝෂයක් හේතුවෙන් එකම දුම්රිය මාර්ගයේ ධාවනය වී එකිනෙක ගැටුණේ මන්දගාමී සහ සීඝ්‍රගාමී මගී දුම්රිය දෙකකි. අනතුරින් පසු ඩකා අගනුවර තෙක් දුම්රිය ගමන් සියල්ල අඩපණ විය.

අනතුරත් සමඟ දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගියේය. ඒවා තුළ සිරවුණු මගීන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි.

ඩකාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS