බංග්ලාදේශ මගී දුම්රියක් පාලමක් උඩදී පීලි පැනලා



පාලමක් මතින් ධාවනය වෙද්දී, බංග්ලාදේශ මගී දුම්රියක් පිලී පැනීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කි.

පිලී පැනීමට ලක් වීමෙන් මගීන් පිරුණු දුම්රිය මැදිරි දෙකක් පහළ ගංගාවට වැටී ඇත. දුම්රිය මැදිරි තුළ සිරවුණු මගීන් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

පීලි පැනීමට ලක් වෙද්දී දුම්රිය මගීන්ගෙන් පිරී තිබුණි. දුම්රිය ඩකා අගනුවර සිට නැගෙනහිර දෙසින් පිහිටි සිල්හෙත් නගරය බලා ධාවනය වෙමින් තිබුණි.

ඩකාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS