පුටින් සර්බියාවේ



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසල්වැසි සර්බියාවේ සංචාරයකට පැමිණියේය.

පුටින් බෙල්ග්‍රේඞ් අගනුවර බලා පැමිණියේ විශේෂ ගුවන් යානයකිනි. ගුවන් යානයට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට සර්බියානු ආරක්ෂක අංශ කටයුතු කළ අතර පුටින් වෙනුවෙන් 7,000 ක විශේෂ පොලිස් බළඇණියක් ද යෙදවිණි.

සර්බියාව රුසියාවේ සමීපතම මිතුරෙකි. සර්බියා ජනාධිපති ඇලෙක්සැන්දර් වූසික් සහ ජනාධිපති පුටින් අතරේ පවතින්නේ ද ඉතා සමීප හිතවත්කමකි.

එසේ වුවත්, සර්බියාව උත්සාහ ගන්නේ යුරෝපා සංගමයේ සාමාජිකයකු වීමටය. රුසියාව සමඟ පවත්වන හිතවත්කම් නිසා යුරෝපා සංගමයේ සාමාජිකත්වය සර්බියාවට ලබා දීම සම්බන්ධයෙන් වාද විවාද පවතී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS