පිලිපීනයෙන් චීනයට



මහ වැසි සහ තද සුළං සමඟ ‘ෆ්ලොරෙන්ස්’ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඇමෙරිකාව හරහා හමා යද්දී, ‘මොන්ගට්’ සුළි කුණාටුව පිලිපීනය කලඹමින් දකුණුදිග චීනයට කඩා වැදුණු බව විදෙස් පුවත් සේවා ඊයේ වාර්තා කළේය.

පිලිපීනය පසු කරමින් සුළි කුණාටුව කඩා වැදුණේ චීනයේ ග්වංග්ඩොංග් පළාතටය. මහ වැසි හේතුවෙන් පළාත් රැුසක් මුළුමනින්ම ජලයෙන් යටවිය.

සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS