පිලිපීන ගිනි කන්දක් පිපිරේ



පිලිපීනයේ මයොන් ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමත් සමඟ ගිනි කන්ද අවට පදිංචි 12,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ.

ගතවුණු පැය 24 පුරාවට, මෙම ගිනි කන්ද ආශ්‍රිතව භූමි කම්පා කිහිපයක් ද හටගත්තේය. එම භූමි කම්පාවලින් පසු ගිනි කන්ද සක්‍රීය වුණු බව විද්‍යාඥයෝ කියති.

ගිනි කන්ද පිපිරීමත් සමඟ නිකුත් වුණු විස දුමාරය සැතපුම් කිහිපයක් පුරා පැතිර යන්න විය. ගුවන් ගමන්වලට ද එම දුමාරය බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS