පිලිප් කුමරු සමුගනී
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය පවසයි. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි.
අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී පිලිප් කුමරු වින්ඩ්සොර් මාලිගයේ සිටි බව පැවැසෙයි. පිලිප් කුමරු පසුගිය කාලයේ සිටියේ අසනීපයෙනි. ඔහු අවස්ථා කීපයකදී රෝහල් ගත කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
'පිලිප් කුමරු බ්‍රිතාන්‍ය තරුණ තරුණියන්ට පන්නරයක් වූ අයෙක්. මහ රැජිනට සහාය වෙමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ නියමුවා ලෙස කටයුතු කළේ ඔහුයි.' යැයි ඩවුනිං විදියේ හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය.
ස්කොට්ලන්ත නායිකා නිකොලා ස්ටෲජන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුගේ අභාවය ඇසීමෙන් තමන් ශෝකයට පත් වුණු බවය.
'මා පෞද්ගලිකවත්, ස්කොට්ලන්ත වැසියන් වෙනුවෙනුත් එඩින්බරෝ ආදිපාදවරයාගේ අභාවය සම්බන්ධයෙන් මහ රැජිනටත් රජ පවුලේ සාමාජිකාවන්ටත් සොව පළ කරන්න කැමතියි.' යැයි ස්කොට්ලන්ත නායිකාවගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.
මීට අමතරව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද ඇතුළු රාජ්‍ය නායකයන් ද පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කර තිබේ.
(රොයිටර් ඇසුරිනි)