පැමිණිල්ල ඉවත දමයි



මාලදිවයිනේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී වංචා දූෂණ සහ හොර ඡන්ද දැමීම් සිදුවුණැයි, පරාජයට පත්වුණු ජනාධිපති අබ්දුල්ලා යාමීන් ඉදිරිපත් කළ පැමිණි මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමනු ලැබීය.

ජනාධිපති යමීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඒ ගැන පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසය. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ පසුගිය 11 වැනිදාය.

ජනාධිපතිවරයා පැමිණිලි කරන අන්දමට මැතිවරණය අක‍්‍රමිකතා සිදුවුණු බවට කිසිදු සාක්ෂියක් නැති බවත් එහෙයින් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අවංගු කළ නොහැකි බවත් ශ්‍රෙෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති බව මාලදිවයින පුවත් සේවා වාර්තා කරයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS