පාර්ලිමේන්තුවට කඳුළු ගෑස්



කොසෝවෝ පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්ද විමසුමක් පැවැත්වෙද්දී, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් එම ඡන්ද විමසුම කඩාකප්පල් කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ පාර්ලිමේන්තු නියෝජිතයෝ ඇස් රතු වී කඳුළු ගලමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් වහා ඉවත් වූහ. කොසෝවෝ රාජ්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත. කොසෝවෝ සැළකෙන්නේ පාලන ප්‍රදේශයක් ලෙසිනි.

මොන්ටිනීග්‍රෝ රාජ්‍යයට මායිම් වන්නේ කොසෝවෝ ප්‍රාන්තයයි. 2015 වසරේදී කොසෝවෝ බලධාරීන් සහ මොන්ටිනීග්‍රෝ රජය අතර වීසා නොමැතිව ගමන් බිමන් සඳහා එකඟතාව පළ කර ගැණින.

යුරෝපා සංගමයේ ද මැදිහත් වීමෙන්, එම එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා පනතක් ලෙස සම්මත කර ගැනීමට අවශ්‍ය හෙයින් ඡන්ද විමසුම ආරම්භ විය.

ඡන්ද විමසුම කඩාකප්පල් කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේ වෙටෙවෙන්දෝසේ නමැති වාමාංශික විපක්ෂ දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීන් බව පැවැසෙයි.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් බාධා එල්ල වෙද්දී කොසෝවෝ පොලිසිය වහා ක්‍රියාත්මක වී, පාර්ලිමේන්තු සාමාජිකයන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත් කළ බව ද පැවැසෙයි. කෙසේ නමුත් පෙරේදා සවස යළි පාර්ලිමේන්තුව රැස්වී ඡන්ද විමසීම සිදු කිරීමට කටයුතු කළේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

කොසෝවෝ යනු ගිණිකොනදිග යුරෝපයට අයත් භූමි ප්‍රදේශයකි. මෙය රටක් ලෙස නොව ප්‍රාන්තයක් ලෙස සැළකෙයි. කොසොවෝ සර්බියාවට අයත්ව පැවැති අතර එය සර්බියාවෙන් නිදහස ලැබුවේ 2008 වසරේදීය. කොසෝවෝ අගනුවර ලෙස සැළකෙන්නේ ප්‍රිස්ටානාය. 2016 වසරේ ජනගනය අනුව මිලියන 1.8 කි. භාවිතා වන මුදල් ඒකකය යුරෝ වන අතර කොසෝවෝ වැසියෝ ඇල්බේනියානු සහ සර්බියානු භාෂා කතා කරති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS