පාප්තුමෝ තායිලන්තයට



ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (20) තායිලන්තයේ බැංකොක් අගනුවරට සැපත් වූහ.

තායිලන්තය බෞද්ධ රාජ්‍යයක් වුවත්, තායිලන්ත රජයෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. පාප්තුමන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙයි.

තායිලන්තයේ ජනගහනය මිලියන 69 ක් වන අතර, කතෝලික ප්‍රජාව සියයට 1 කි.   පාප්තුමන් තායිලන්ත රජු හමුවීමට ද නියමිතය.

තායිලන්තයට මීට පෙර පාප්තුමකු පැමිණියේ මීට වසර 35 කට පෙරය. ඒ, දෙවැනි ජෝන් පෝල් පාප්තුමාය.

(බැංකොක් පෝස්ට්)


RECOMMEND POSTS