පාකිස්තාන දැරියක් මරුට



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන්ටා ෆේ උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමෙන් මියගිය සිසුන් අතර 18 හැවිරිදි පාකිස්තාන සිසුවියක ද සිටින බව පැවැසෙයි.

ඇය ෂබීකා ෂෙයික් ය. ෂබීකා සිසු හුවමාරු වැඩසටහක් යටතේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හරහා සැන්ටා ෆේ උසස් පාසලේ අධ්‍යාපනය ලැබීමට පැමිණ සිටි අයෙකි.

ෂබීකා ෂෙයික් වෙඩි තැබීමට හසුවීමෙන් මියගිය බව වොෂින්ටන් අගනුවර පාකිස්තාන තානාපති කාර්යාල විසින් තහවුරු කරනු ලැබ ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. ෂබීකාගේ ගුරුවරිය සින්තියා යිස්ටේල් වන අතර ඇය ද වෙඩි පහරට ලක්වීමෙන් මියගොස් ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS