ප්‍රහාරයෙන් 100 ක් මරුට



නිරිතදිග පාකිස්තානයේ මුස්තාන්ග් නගරයේ දේශපාලන රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 128 ක් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2014 වසරෙන් පසු පාකිස්තානයේ සිදුවුණු දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය බව පැවැසෙයි. ප්‍රහාරයේ වගකිම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත.

පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. මුස්තාන් නුවර පැවැති දේශපාලන රැලියට බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අපේක්ෂක සිරාජ් රයිසානී ද ජීවිතක්ෂයට පත්විය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS